danmaku icon

Alchemy of Souls (2022) EP 02 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග

1.5K Lượt xem30/04/2023

"Alchemy of Souls (2022)" "ආත්මයන්ගේ රසවිද්‍යාව" Lee Jae Wook | Jang Uk - ජං-යුක් Jung So Min | Mu Deok - මු-දොක් Hwang Min Hyun| Seo Yul - සියෝ යුල් Shin Seung Ho | Go Won - ගෝ වොන් ඉතින් කොහමද ලමයි ඔන්න මම අලුත් කතාවක් අරගෙන ආවා, මේ කතාව තමයි Alchemy of Souls (2022), මේ කතා මාලාව හැම සතියකම සෙනසුරාදා සහ ඉරිදා 21:10 KST විකාශය වෙනවා. ඉතින් කතාව පැත්තට හැරෙනවා නම්… සුළග, වලාකුළු සහ වර්ෂාව අහසේ ශක්තියෙන් පාලනය කරනවා, මේ විශාල ශක්තිය පොලවට ලගා වෙලා, ඒ ශක්තිය ග්යොන්චොන්ඩේහෝ විල වටේ මුර්තිමත් වෙලා රටක් ගොඩ නැගුනා... ඒ විශාල විල ලග තියන රටේ නම ඩේහෝ කියලා නම් වුනා, මේ මහා ශක්තිය පාලනය කරන්න පුළුවන් බලය තිබුන මිනිස්සුන්ව මායාකාරයන් කියලා හැදින්නුවා. මේ කතාව ඉතිහාස පොත් වලවත්, සිතියමකවත් නොපවතින ස්ථානයක් වන ඩේහෝ වල මායාවරුන්ගේ කතාවයි. ඩේහෝ රටේ ජං-යුක් කියලා වංශවත් පවුලක පිරිමි ලමයෙක් ඉන්නවා, රට පුරාම ඉන්න මිනිස්සු කතා කරන ඔහුගේ උපත ගැන අප්‍රසන්න රහසක් තියනවා, ඒ වගේම ඔහුගේ පියා ප්‍රධාන මායාකාරයෙක් එත් ඔහු ජං-යුක්ට මන්ත්‍ර ගුරුකම් පුහුණු කරන්න බැරිවෙන්න බන්ධනයක් කරනවා, ඉතින් මේ ජං-යුක් ඒ බන්ධනය අයින් කරගන්න, රට පුරාම ඉන්න ගුරුවරුන්ගෙන් පුහුණුවිම් ලබනවා, එත් ඒ කිසිම කෙනෙක් ජං-යුක්ගේ පියා කරපු බන්ධනය බිඳීන්නෙ නැහැ, ඒ නිසා ජං-යුක්ම ඔහුගේ ගුරුවරයාව හොයාගන්න තීරණය කරනවා, ඉතින් මේ අතරේ තමයි ඔහුට මු-දොක්ව හම්බවෙන්නේ... මු-දොක්ට කලින් අපි දැනගෙන ඉන්න ඔනේ තව කෙනෙක් ඉන්නවා, ඒ තමයි නක්සු... නක්සු කියන්නේ මායාකාරයන්ව ඝාතනය කරන ඝාතකයෙක්. මේ නක්සුට සොන්ග්‍රිම් වල නායකයාගේ ආත්මය අරන් එන්න කියලා නියෝගයක් ලැබෙනවා, ඒ අතරේ නක්සුට තුවාල වෙලා ඇය ඇගේ ආත්මය මු-දොක්ගේ ඇගට මාරු කරනවා, "හ්වන්හොන්සොල්" (මළවුන්ගේ ආත්ම නැවත ජීවතුන් අතර) මු-දොක් කියන්නේ ශාරීරිකව දුර්වල කෙල්ලෙක් ඉතින් ඇගේ ශරීරයට නක්සු මාරු වුනාට පස්සෙ නක්සුගේ බලය අවහිර වෙනවා... එහෙනම් මම තවත් කතාව කියන්නෙ නැහැ, මොකද වෙන්නෙ කියලා ඔයාලාම බලන්නකෝ හැමෝටම සුබ දවසක්! සිංහල උපසිරැසිය සහ අදාළ වීඩියෝ පිටපත් දැන් අපගේ වෙබ් අඩවියෙන් ලබා ගන්න. https://cineru.lk/tv_series/alchemy-of-souls-2022-sinhala-sub/
warn iconKhông được đăng tải lại nội dung khi chưa có sự cho phép của nhà sáng tạo
creator avatar

Đề xuất cho bạn

  • Tất cả
  • Anime